ජනපි‍්‍රය සිනමා නිළි පූජා උමාශංකර්ගේ පෙම්වතා පිළිබදව පසුගිය දින කිහිපයේ විවිධ කටකතා පැතිර ගියා. ඒ අන්තර්ජාලයේ ඔවුන් දෙදෙනා සම්භන්ධයෙන් කර තිබූ යම් යම් ප‍්‍රකාශ හේතුවෙන්. කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත පූජා විසින්ම පසුගියදා සැබෑවක් කොට තිබුනා. ඒ හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන රාත‍්‍රියට දීපක් සමගින්ම සහභාගීවීම නිසාය.
ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණයෙකු වන දීපක් හා පූජා අතර සම්බන්ධය කාලයක පටන් පැවතියත් ක්ෂේත්‍රයේ අයට නම් එය රහසක් උනේ නැහැ. විලාසිතා දැක්මන් හීදී හා රූ රැජිණියන් තෝරන තරග ආදියට සහභාගී වෙද්දී පූජා දීපක් සමඟ සහභාගී වී තිබෙනවා. පසුගිය කාලය පුරා ප්‍රචාරයක් පැවතුනේ පූජා හා ජනප්‍රිය නළු රොෂාන් රණවන අතර සම්බන්ධයක් ඇති බවටයි. නමුත් එම කටකතා බොරු කරමින් රොෂාන් කුෂී සමගින් විවාහ වුනා. ප්‍රකට නිරූපණ ශිල්පියෙකු වන දීපක් ඇතැම් විලාසිතා තරග විනිශ්චයන් සඳහාද සහභාගී වන අතර ඔහු විලාසිතා ඡායාරූපකරණයටද යොමුව සිටිනවා. ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ලබන නොවැම්බර් මස කොළඹදී සිදු කරන්නට නියමිත බවයි ආරංචි වන්නේ.
Gossip Lanka
0 comments:
Post a Comment