නිරූපිකා හංසි සිතාරා මහත්මියට පහරදී ඇය සතු වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන යැමේ සිද්ධියට අදාළව ඇපමත මුදාහැර සිටින ටෙලිනාට්‍ය නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලූත්ගේ (Aruna Aluthge) මහතා නියෝග කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ අදාළ සැකකාරියන් තිදෙනා එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එසේ වරෙන්තු නිකුත් කිරීමට නියම කෙරි‚
මෙසේ වරෙන්තු නිකුත් කෙරුණේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක් වන මේනකා මධුවන්ති (Menaka Maduwanthi), ආක්ෂා සුදාරි (Aksha Sudari) හා ඇගේ මව වන මොහිදින් වහීදා යන තිදෙනාටය.
හංසි සිතාරා මහත්මිය මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනෙන අතර, ඇය සිය පැමි‚ල්ල මගින් කියා ඇත්තේ සැකකාරියන් තිදෙනා 2013 ඔක්තෝබර් 10 වැනි දින තමාව නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි නිලු සැලූන් නමැති ස්ථානයට ගෙන්වාගෙන පහරදුන් බවයි.
Gossip Lanka
0 comments:
Post a Comment