Saturday, October 18, 2014
ඉබෝලා රෝගියකු ලංකාවේ (Sri Lanka) ? - Gossip Lanka
ඉබෝලා රෝගියකුයැයි සැක කළ හැකි රෝගියකු දැනට හඳුනාගෙන ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.
ඔවුන්ගේ නිවේදනය පහත පරිදිය.
මෙම රෝගය සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සියළු අංශ මගින් කළ නමුදු ඉබෝලා යැයි සැක කළ හැකි රෝගියකු හඳුනාගැනීමෙන් පැහැදිලි වන්නේ එවැනි සූදානමකින් ආණ්ඩුව කටයුතු නොකළ බවය. මේ සඳහා සෞඛ්‍ය අංශය සියළු සූදානමකින් තබා ඇති බවද පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් ආණ්ඩුව පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණි.
කෙසේ නමුදු සෞඛ්‍ය සේවාව සඳහා අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ ලබා නොදී මෙවැනි ප්‍රචාරයන් කිරීමෙන් පමණක් ඉබෝලා වැනි රෝග වළක්වා ගත නොහැකි බව අපගේ අදහසයි.
විශේෂයෙන් පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති බරපතල අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ලෙස අප දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ආණ්ඩුවට දන්වා සිටියද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ලබා දී නොතිබිණි. එවැනි වටපිටාවක් තුල මාරාන්තික ඉබෝලා වැනි රෝගයක් සඳහා මුහුණදීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෙසේවත් සෑහීමකට පත්විය නොහැකිය.
එම නිසා සියළු සෞඛ්‍ය සේවාවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ හා ඖෂධ, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී ජනතාවගේ ජීවිත හානි වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශය සූදානම් කළ යුතුය. එසේ නොමැතිව මාධ්‍ය ප්‍රචාරයන් මගින් පමණක් මෙම රෝගය මගින් ජනතාවගේ ජීවිතවලට එල්ල වන තර්ජනය වැළැක්වීමට නොහැකි වනු ඇත.
හෙද නිලධාරී ඒ. ගාමිණී කුමාරසිංහ (Gamini Kumarasinghe)
සභාපති – සමස්ත ලංකා හෙද සංගමය Gossip Lanka
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment