"ගැහැනියෙකුට පාරෙ බැහැල යන්න විදියක් නැහැ." මෙහෙම කියනව අපිටත් නිතරම ඇහිල තියෙනව. උසුළු විසුළ වල ඉඳල දූෂණය කිරීම්, මරාදැමීම් දක්වාම මේ හින්සාකාරී ක්‍රියාවන් දුරදිග යනව. මේවට එරෙහි වෙන කාන්තාවන් ඉන්නෙ අතලොස්සයි. මේ දේවල් වැඩිවෙන්නත් එය හේතුවක් වෙලා.
හැබැයි ඒ විදියට පාඩුවෙ ඉන්නෙ නැති කාන්තාවොත් ඉන්නව. ෆාතිමා ගුස්මාන් කියන්නෙත් එහෙම කෙනෙක්. ඇය මෙක්සිකානු කාන්තාවක්. 32 හැවිරිදි ෆාතිමා ජීවත්වන ගෝඩලජාරා නගරයේ මාවතක ව්‍යායාම සඳහා ඇවිදිමින් සිටිය. එක අවස්ථාවකදි ඇය දකිනව වදුලක් අස්සෙ සැඟවිලා තමා දිහා බලන් ඉන්න මැදිවියේ පිරිමියෙක්ව. වදුලෙන් එළියට ආ ඔහු ඇයව අල්ලාගන්නයි උත්සාහ කළේ. ඇයත් මුලින්ම කළේ දුවන එක. හැබැයි ඒකෙන් වැඩක් වුණේ නැහැ ඔහුත් ඇය පසුපස ලුහු බඳින්න ගත්ත. අන්තිමේ ඇය ඔහු සමග පොරබදල ඔහු බිම දමාගෙන කෑගහන්න ගත්ත. ඒ සද්දෙ ඇසුනු තවත් පිරිමියෙක්ම ඇවිත් ඇයට උදව් කළා.
ඇය මේ කාමාතුර පුද්ගලයගෙ ඡායාරූප අරගෙන Facebook මගින් හෙළිදරව් කිරීමකුත් කළා. ඒ අනිත් අයගෙ පරෙස්සමට. ඒ විතරක් නෙවෙයි මේ පුද්ගලය පිළිබඳව පොලිසියටත් පැමිණිළි කළා. ම් වෙද්දි ඔහුට එරෙහිව නීතියත් ක්‍රියාත්මක වෙනව.
0 comments:
Post a Comment