ජර්මනියේ හිටපු චාන්සලර් ඇඩොල්ෆ් හිට්ලර් කිව් සැනින් අපට සිහිවෙන්නෙ දරුණු ඒකාධිපතියෙක්. මිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස් එහෙම නැත්නම් මිස් ශ්‍රී ලංකා කිව්වම හිතට දැනෙන්නෙ බොහොම සුන්දර හැඟීමක්. හිට්ලර් සහ රූපසුන්දරී තරඟයක් කිව්වම හරියට පරිප්පුයි බෝල්ට් ඇණයි වගේ. කිසි ගැලපීමක් නැහැ.
හැබැයි මේ දවස්වල රුසියාවෙ "Miss Hitler" තෝරන්නයි සූදානම. Miss Hitler 2014 කියන්නෙ යුදෙව් විරෝධී යුවතියන් සඳහා පැවැත්වෙන තරගයක්. මේ සඳහා රුසියාවෙන් සහ නැගෙනහිර යුරෝපයෙන් යුවතියන් 14ක් පමණ ඉදිරිපත්වෙලා තියෙනව කියලයි විදෙස් වාර්තා සඳහන් කරන්නෙ. VKontakte කියන සමාජ වෙබ් අඩවියයි මේ සඳහා භාවිත කරන්නෙ.
0 comments:
Post a Comment