කෝටි
ගාණක් වටින කැඩුණු සපත්තුවත් එක්ක කරළියට ආපු ඇමතිතුමා දැන් තවත් ගැටළුවකට මුහුණ
දීල කියල ගොසිප් සී ලංකා වෙබ් අඩවියට දැන ගන්නට ලැබේ, පසුගිය දිනවල ටී බී ඒකනායක
ඇමතිතුමා අපූරු කාතාවක් කිව්ව, බලන්න හෙට්ටි අපට පාර්ලිමේන්තු එන්න කියල කරන දැනුම්
දීම ගෙවල්වල නෝනලාටත් යාමෙන් මාර වැඩක්නෙ වෙලා තියෙන්නේ, පසුගියද ඇමතිතුමා
පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට ඇතුල් වෙමින් කුමාරසිරි හෙට්ටිගේට කීවේය, මොකද්ද
ඇමැතිතුමා ඒ ප්‍රශ්ණය, අපි පාර්ලිමේන්තුවේ ඉන්න කොට සමහර වෙලාවට අපේ හෑන්ඩ්ෆෝන් ඕෆ්
කරනව, ඊට පස්සෙ ගෙදරට කතා කරල අහනවලු ඇමැතිතුමා ඉන්නවද ඉක්මනට පාර්ලිමේන්තුවට එන්න
කියන්න කියලා, ඊට පස්සෙ නෝනට අපි ගැන සැකයි, නෝන මගේ ෆෝන් එකට කෝල් කරල අහනව ඔයා
දැන්කොහෙද ඉන්නෙ පාර්ලිමේන්තු ගියේ නැද්ද කියල. මෙහෙම නෝන අහනකොට මන් මොකද්ද
කියන්නෙ, මේක මාර පශ්ණයක්නේ. ඒකනායක ඇමතිවරයා කීවේය.
ඔය වැඩේ මටත් වෙනව, අපේ නෝන මන් ගැනත් සැකයි.
ටිකක් හරි මගේ නෝන මාව විශ්වාස කරන හින්ද හොදයි, නැත්තම් මේ වන කොට පවුලුත්
අවුල්වෙලා, විජිතමුණි සොයිසා අමාත්‍යවරයා කීවේ සිය අත්දැකීම්ද විස්තර කරමිණි,
විපක්ෂය පාර්ලිමේන්තුවේදී අහන පශ්ණ වලට අපි නැතිවුනහම තමයි ඔය දේ වෙන්නෙ, ඔබතුමාලගේ
දුරකථන වැඩ කරන්නේ නැති වුණාම තමයි ගෙදරට කතා කරනව ඇත්තේ, මීට පස්සේ පාර්ලිමේන්තුවට
ඇතුල්වුණාම ඒ ගැන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම් දීල කියමු, එතකොට
ඔය පශ්නය විසදෙනවනේ, හෙට්ටිගේ කීවේය.
Gossip Lanka
Gossip Lanka
0 comments:
Post a Comment