ලබන
ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ
පක්ෂ අතරද උණුසුම් වාද විවාද ඇති වෙමින් තිබෙනවා, මේ අතරතුර ආණ්ඩු
පක්ෂයේ මැති ඇමතිවරු මෙන්ම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ සුළු පක්ෂ සදහන් කරන්නේ
ජනාධිපතිවරණයට පෙර අගමැති ධූරය වෙනස් කළ යුතු බවත්, මේ සම්බන්ධයෙන් නිල
ප්‍රකාශයක් නිකුත් කිරී හෝ පත් කිරීම ජනපතිවරණ ජයග්‍රහණයට තීරණාත්මක ලෙස බලපානු
ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්
මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයාට අගමැති ධූරය ලබාදිය යුතු බවට දැනටමත් ආණ්ඩුවේ
ජ්‍යෙෂ්ඨයන් විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති අතර එමගින් ආණ්ඩුව සම්බන්ධයෙන්
කලකිරී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගේ සහාය ලබාගත හැකිය යන්න එම
පිරිසේ අදහසයි. එසේම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල්
රාජපක්ෂ ඇමැතිවරයා ජනාධිපතිවරණයේ සියලු මෙහෙයුම් කටයුතු භාරගෙන කටයුතු කරන අතර
අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති විශේෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සිට මේ
සියළු කටයුතු සිදුකරයි.
ජනාධිපතිවරණයට පෙර අලුතින් තවත් නියෝජ්‍ය
ඇමැතිවරුන් හයදෙනෙකු පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ, පළාත් සභාවල ඇමැතිකම් දරා
පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් හයදෙනෙකුට මෙලෙස නියෝජ්්‍ය ඇමැති ධූර
ලබාදීමට සැලැසුම් කර ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. සබරගමුව,
වයඹ සහ දකුණු පළාතා නියෝජනය කරන මේ මන්ත්‍රිවරුන් සහ ආණ්ඩුවේ ප්‍රබලයෝ අතර
දැනටමත් මීට අදාළ සාකච්චාවක් පවත්වා ඇතැයි ගොසිප් සී ලංකා වෙබ් අඩවියට අදාළ
ආරංචි මාර්ග සදහන් කරයි
මේ අතර ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයේ
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසද පක්ෂය
අභ්‍යන්තරයෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී තිබේ, එසේ වුවහොත් 1977 දී ජේ. ආර්.
ජයවර්ධන මහතා ආර්. ප්‍රේමදාස මහතාගේ කර මතින් ගොස් ජයග්‍රහණය කළා සේ එජාප
ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව තිබෙන බවටද ඔවුහු තර්ක කරති.
Gossip Lanka
Gossip Lanka
0 comments:
Post a Comment